Gossips

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සෙනසුරාදාත් විවෘතයි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සෙනසුරාදා දිනයේත් විවෘතව තැබීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ප්‍රවාහන ක්‍ෂේත්‍රයේ වඩා කාර්යක්ෂම සේවාවක් සැපයීමේ අරමුණ ඇතිවයි මෙම තීරණය ගෙන ඇත්තේ.
එහි පළමු අදියර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයෙන් ආරම්භවනවා.
ඒ අනුව සතියේ දින මෙන් සෙනසුරාදා දිනයේදී රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සහ අලූත් කිරීම, රියදුරු බලපත්‍ර සඳහා ඉල්ලූම්පත්‍ර භාරගැනීම සහ පරික්ෂණ සේවාවන් සිදු කෙරෙනු ඇති.
ඊට සමගාමීව ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ නුගේගොඩ කාර්යාලය සහ ප්‍රාදේශීය කාර්යාලද ලබන 23 වනදා සිට සෑම සෙනසුරාදාවකම විවෘතව පවතින බවයි එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.