Gossips

ලොරි රථයක්, කුඩා දරුවෙකු සහ මවක් යටකරගෙන යන අයුරු CCTV කැමරාවේ සටහන් වෙයි

වවුනියාවේදී කුඩා දරුවෙකු වඩා ගෙන සුදු ඉර හරහා පාර මාරු වෙමින් සිටි කාන්තාවක් 13 වැනිදා සවස කුඩා ලොරි රථයක හැපීමෙන් මව හා දරුවා බරපතල තුවාල ලබා වවුනියාව මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
වව්නියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය ඉඳිරිපස පදික මාරුවේදී කුඩා ලොරි රථයක් මවක් හා දරුවෙකු අනතුරට ලක් කරන ආකාරය අසල වෙළඳසැලක සවිකර තිබූ ආරක්ෂිත කැමරාවකද සටහන්ව තිබෙනවා.
පොලීසිය පැවසුවේ මව කුඩා දරුවා වඩාගෙන පදික මාරුව හරහා මාරුවන අවස්ථාවේ වව්නියාව දෙස සිට කිලිනොච්චිය දෙසට අධික වේගයෙන් ගමන්ගත් ලොරි රථයක මව හා දරුවා ගැටී ඇති බවයි.
අනතුරින් වව්නියාව නෙඩුන්කේනි ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි මවක් ඇයගේ වයස අවුරුදු දෙකක් වන දරුවා තුවාල ලබා ඇති බවද පොලීසිය ප්‍රකාශ කරා.
පොලීසිය පැවසූවේ ලොරි රථයේ, මව හා දරුවා ගැටීමෙන් අනතුරුව මව හා දරුවා විසිවී ගොස් ඇති අතර, ලොරි රථය, විසිවී ගිය දරුවාගේ සිරුර යටකරගෙන යන ආකාරය සීසීටීවි දර්ශන මඟින් දැක ගත හැකි බවයි.
අනතුර සිදුකළ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.