Gossips

තැපැල් වර්ජනය කල් යයි

තැපැල් වෘත්තිය සමිති කිහිපයක් අද දින ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය සති දෙකකින් කල් දමා තිබෙනවා.
වැටුප් සහ බඳවා ගැනීමේ පටිපාටියේ ගැටළු පවතින බව පවසමින් තැපැල් වෘත්තිය සමිති මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට අවතීරණ වීමට තීරණය කර තිබුණද විෂය භාර අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව එය මෙලෙස තාවකාලිකව කල්දමනු ලැබුවා.