Gossips

පාසල් ශිෂ්‍යාවක් අපයෝජනය කළ විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට

13 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අගුණුකොලපැලැස්ස ප්‍රදේශයේ පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අපයෝජනයට ලක්ව ඇත්තේ සුරියවැව අන්දරවැව ප්‍රදේ්ශයේ පදිංචි 08 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් ශිෂ්‍යාවක් වන අතර නියෝජ්‍ය විදුහල්පතිවරයා අගුණකොලපැලැස්ස නගරයේ පදිංචිකරුවෙක්.
නිර්නාමික දුරකථන ඇමතුමකට අනුව ක්‍රියාත්මක වු අගුණකොලපැලැස්ස පොලිසිය දැරිය ගෙන්වා සිදුකල ප්‍රශ්ණ කිරිම්වලදි තමන්ව අවස්ථා කිහිපයකදී නියෝජ්‍ය විදුහල්පතිවරයා අපයෝජනයට ලක්කල බවයි සිසුවිය ප්‍රකාශ කර ඇත්තේ.
මෙම දැරියගේ පියා සහ නියෝජ්‍ය විදුහල්පතිවරයා පැවති හිතවත්කම මත මෙම පාසලට ඇතුළත් කරගෙන ඇත්තේ මීට මාස එක හමාරකට පෙරයි.
අනතුරුව නියෝජ්‍ය විදුහල්පතිවරයා විසින් අගුණකොලපැලස්ස නගරයේ පිහිටි ඔහුට අයත් ගොඩනැගිල්ලක ඉහළ මාලයේ සිසුවියට නවාතැන් පහසුකම් ලබාදී ඇති අතර එහිදි තමන්ව අපයෝජනය කළ බවයි සිසුවිය ප්‍රකාශ කර ඇත්තේ.
ඒ අනුව නියෝජ්‍ය විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද අගුණකොලපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.