Gossips

හතරවන එක්දින තරගයෙන් දකුණු අප්‍රිකාවට කඩුලු 6ක ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති හතරවන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්වුනා.
තරගය පැවැත්වුනේ පෝර්ට් එළිසබෙත්හිදීයි.
තරගයේ කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකා කණ්ඩායමේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 39යි පන්දු 2ක් අවසානයේ සියලූදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 189ක් පමණයි.
ඉසුරු උදාන වේගවත් ලකුණු 78ක් රැස් කළේ පන්දු 57කින්.
හයේ පහර 4ක් සහ හතරේ පහර 7ක් එම ලකුණු 78ට ඇතුලත්.
අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 29යි.
ධනංජය ද සිල්වා ලකුණු 22 ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 21 ක් ලබාගත්තා.
ඕෂධ ප්‍රනාන්දු සහ අද එක්දින වරම් ලැබු ප්‍රියමාල් පෙරේරා කිසිදු ලකුණක් නොලබා දැවී ගියා.
ඒ අනුව තරගය ජය ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 190ක්.
පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 32යි පන්දු 5ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකළා.
ක්වින්ටන් ඩි කොක් ලකුණු 51 යි.
පෆ්ඩු ප්ලෙසි ලකුණු 43 ක් ලබාගත්තා. ජේ පී ඩුමිනි නොදැවී ලකුණු 31 ක් සහ ඩේවිඩ් මිලර් නොදැවී ලකුණු 25ක් රැස් කළා.
පන්දු යැවීමේදී ධනංජය ද සිල්වා කඩුලු 3 ක් බිඳහෙලුවා.
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර 5වන සහ අවසන් එක්දින තරගය ලබන 16වනදා කේප්ටවුන්හිදී පැවැත්වීමට නියමිතයි.