Gossips

ඉන්ධන මිල තවත් ඉහළ යන ලකුණු

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් යළිත් ඉහළ ගියා.
කෙසේ වෙතත් අද පැවැති මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සදහන් කළේ මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල තවත් ඉහළ යා යුතු බවයි.
‍ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 3 කිනුත් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 7 කිනුත් ඔටෝ ඩීසල් ලීටරයක් රුපියලකිනුත් සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 8 කිනුත් ඉහළ නංවා තිබෙනවා.
මෙවන් පසුබිමක් තුළ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සදහන් කළේ ඉන්ධන මිල සූත්‍රයට අනුව නම් ඉන්ධන මිල තවත් ඉහළ දැමිය යුතු බවයි.
මේ අතර, ඉන්ධන මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් ප්‍රවාහන ගාස්තුවල සංශෝධනයක් සිදුවේදැයි අප බස් සංගම්වලින් විමසීමක් කළ අතර, ඔවුන් සදහන් කළේ බස් ගාස්තුවල ඉහළ යෑමක් සිදු නොවන බවයි.