Gossips

update: අන්තරේ පා ගමනට පාර්ලිමේන්තු වටරවුම අසළදී ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක්

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කර ඇති විරෝධතා පා ගමන විසුරුවා හැරීමට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය අසළින් අද දහවල් මෙම විරෝධතාව ආරම්භ කළේ රජය විසින් ගෙන ඒමට නියමිත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහා අහෝසි කරන ලෙස බලකරමින්.
විරෝධතාකරුවන් පාර්ලිමේන්තු වටරවුමෙන් පාර්ලිමේන්තු මාර්ගයට ඇතුලූවීමත් සමඟ මෙලෙස ජල හා කඳුලූ ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඔවුන් විසුරුවා හැරිමටයි පොලීසිය පියවර ගත්තේ.
මේ හේතුවෙන් මේ වනවිට බත්තරමුල්ල අවට මාර්ගවල රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.
update : Wednesday, 13 March 2019 – 16.53
————————————————-
අන්තරේ පා ගමන හේතුවෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය වැසේ
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කර ඇති විරෝධතා පා ගමන හේතුවෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය මේ වනවිට වසා දමා තිබෙනවා.
හිරු වාර්තාකරු සඳහන් කළේ සරසවි සිසුන් මේ වනවිට රාජගිරිය පසුකරමින් බත්තරමුල්ල දෙසට ගමන් කරමින් සිටින බවයි.
එමෙන්ම ඔවුන්ගේ පා ගමන හේතුවෙන් රාජගිරිය අවටද රථවාහන තදබදයක් හටගත්තා.
අද පස්වරුවේ සිසුන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෘෂ්‍ය කලා පීඨය අසළින් මෙම විරෝධතාව ආරම්භ කළේ රජය විසින් ගෙන ඒමට නියමිත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහා අහෝසි කරන ලෙස බලකරමින්.