Gossips

දියවැඩියාවට සහ හෘද රෝගීන්ට ලබාදෙන ඖෂධ මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

දියවැඩියාවට සහ හෘද රෝගීන්ට ලබාදෙන එන්නත් 860,000 ක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් සහ ඉන්දියාවෙන් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.
ඒ අනුව දියවැඩියාවට ලබාදෙන බයිපසික් අයිසෝපේන් ඉන්සියුලින් මිලිමීටර 10 එන්නත් 850,000 ක් සහ හෘද රෝගීන්ට ලබාදෙන ටෙනෙක්ටිප්ලේස් එන්නත් 10,000 ක් මිලදී ගැනීමට මෙලෙස අනුමැතිය හිිමිවූ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.