Gossips

මුදල් ඇමති මිල සූත්‍රය සමඟ තෙල් මිල සසඳයි

මිල සූත්‍රයට අනුව, පෙට්‍රල් ලීටරයක් රුපියල් 6 කිනුත්, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 13 කිනුත් වැඩිවිය යුතු බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ මුදල් අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 3 කිනුත්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක රුපියල් 7 කිනුත්, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියලකිනුත්, සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 8 කිනුත් ඉහල නංවනු ලැබුවා.
කෙසේ වෙතත්, මුදල් අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර සඳහන් කළේ ඉන්ධන මිල සූත්‍රයට අනුව නම් තවත් ඉන්ධන මිල ඉහළ දැමිය යුතු බවටයි.
මේ අතර, අයවැය යෝජනාවට අනුව, ආනයනික වාහන සඳහා අය කරන බද්ද මාර්තු 6 වනදායින් පසු ණයවර ලිපි විවෘත කරන ගිණුම් හිමියන්ට පමණක් අදාළ වන බවයි මුදල් අමාත්‍යවරයා එම මාධ්‍ය හමුවේදී කියා සිටියේ.