Gossips

ජගත් මානව හිමිකම් සැසිවාරයට අමාත්‍ය තිලක් මාරපන ඇතුළු පස් දෙනෙකුගේ කමිටුවක්

40 වන ජගත් මානව හිමිකම් සැසිවාරයට සහභාගි වීම සඳහා විදේශ අමාත්‍ය තිලක් මාරපනගේ නායකත්වයෙන් යුත් පස්දෙනෙකුගේ සමන්විත කමිටුවක් නම් කර තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ ජනාධිපතිමෛත්‍රීපාල සිරිසේනගේ උපදෙස් මත නම් කළ මෙම කමිටුවට පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම, උතුර පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවීනාත ආරියසිංහ සහ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් නෙරීන් පුල්ලේ ඇතුළත් බවයි.