Gossips

ධීවරයින්ට කාලගුණයෙන් උපදෙසක්

අම්බලන්ගොඩ සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 ත් 80 ත් අතර, ඉහළ යාමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයිනට දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරි වළාකුළු පද්ධතිය හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල වැසි ඇතිවීමට ද හැකියාව පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ හේතුවෙන් ධීවර සහ නාවික ප්‍රජාවට ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කළේ.rn