Gossips

කුඩු චූටිට වෙඩි තැබූ ජි – බුම්බා අත්අඩංගුවට

ඩුබායි හි අත්අඩංගුවේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල නායක කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු වන මොහොමඩ් ශම්මූර් මොහොමඩ් සියාම් හෙවත් ජි – බුම්බා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ පොලිස් විශේෂ කාර්ය බලකාය ගම්පොළ ප්‍රදේශයේ දී අද අලුයම සිදුකළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගත් බවයි.
33 හැවිරිදි මෙම සැකකරු මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පෙබරවාරි මාසයේදී කොටහේන – මැල්වත්ත – මෛත්‍රී බෝධිරාජ මාවතේදී කංජිපානි ඉම්රාන්ගේ අනියම් බිරිඳ වන ආශා ෆාරි හෙවත් කුඩු චූටිට වෙඩි තැබීම සහ තවත් ඝාතන ගණනාවකට මොහු සම්බන්ධ බවට තොරතුරු ලැබී තිබෙනවා.