Gossips

මගින් 60ක් එක්ක ගිය ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පැන සිදුවූ බිහිසුණු අනතුර

ලංගම බස් රථයක් තෙල්දෙණියේදී අනතුරකට ලක්වේ.."
මහනුවර සිට මොනරාගල දක්වා ධාවනය වෙමින් තිබු ලංගම බස් රථයක් මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ දී පාරෙන් ඉවතට පැන අනතුර සිදුව තිබෙනවා.
ඊයේ සවස සිදුවූ මෙම අනතුරින් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
බස් රථයේ සිදු වූ කාර්මික දෝෂයක් හේතුවෙන් අනතුර සිදුව ඇති බවයි තෙල්දෙණිය පොලීසිය සඳහන් කළේ.
තුවාල ලැබූ පුද්ගලයන් අතර එක් අයෙකුගේ තත්වය බරපතළ වී අතර ඔහු මේ වන විට මහනුවර මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයින් 60 දෙනෙක් බස් රථයේ ගමන් කර ඇති බවයි අනාවරණය වන්නේ.
තෙල්දෙණිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.