Gossips

ඉන්දීය මහමැතිවරණයේ වියදම රුපියල් බිලියන 500ක්

අප්‍රේල් 11 වනදා සිට මැයි 19 වනදා දක්වා අදියර 07 කින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණය සදහා ඉන්දීය රුපියල් බිලියන 500 ක් වැය වන බව ඇස්තමේන්තු කර තිබෙනවා.
එය ඩොලර් බිලියන 07 කට ආසන්න ප්‍රමාණයක්.
2016 වසරේ ඇමරිකානු ජනාධිපති සහ කොංග්‍රස් මැතිවරණ සදහා වැය වූයේ ඩොලර් බිලියන 6 යි දශම 5 ක් පමණයි.
ඒ අනුව, ඉන්දීය මහ මැතිවරණය ලොව වියදම් අධිකතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය වන බව එරට මාධ්‍ය පෙන්වා දෙනවා.
හිමාල අඩවියේ සිට දකුණේ ඉන්දියන් සාගරය දක්වාත්, නැගෙනහිර තාර් කාන්තාරයේ සිට නැගෙනහිර සුන්දර්බාන් කඩොලාන පරිසරය දක්වාත්, විහිදුණු ඉන්දියාවේ මහ මැතිවරණය සදහා මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට වරම් ලබා සිටින ඡන්දදායකයන්ගේ සංඛ්‍යාව කෝටි 90 දක්වා ඉහළ ගොස් තිබෙනවා.