Gossips

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ අභියාචනා පෙත්සම් පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණ විවාදය මැයි 21 වන දා

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිදු ගුණවර්ධන සහ පොලිස් නිලධාරීන් 04 දෙනෙකු තමන්ට ලබාදුන් දඬුවමට එරෙහිව ගොනු කර තිබූ අභියාචනා පෙත්සම් සම්බන්ධයෙන් විවාදය මැයි මස 21 වනදා පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල අද නියෝග කළා.
සිසිර ද ආබෲ, ප්‍රසන්න ජයවර්ධන, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ පී‍්‍රති පද්මන් සූරසේන හමුවේයි මෙම අභියාචනා පෙත්සම් කැදවනු ලැබුවේ.
බම්බලපිටිය කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොවුන්ට මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් මරණ දඬුවම නියම කරනු ලැබුවේ 2015 වසරේ නොවැම්බර් මස 27 වනදායි.