Gossips

අයවැයට විරුද්ධ බව ගම්මන්පිළත් කියයි

සිහින මාළිගාවක් වන මෙවර අයවැයට විරුද්ධත්වය පළ කරන බව පිවිතුරු හෙළ උරුමය පවසනවා.
එහි ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මේ බව කියා සිටියේ කොළඹ අද (12) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද කොළඹ අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.
මේ එහිදී අයවැය සම්බන්ධයෙන් අදහස් දැක්වූ එහි ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය කියා සිටියේ මෙවර අයවැය සුන්දර යෙදුම් පමණක් ඇති අයවැය ලේඛනයක් බවයි.