Gossips

පොලිස් නිලධාරීන් 56 දෙනෙකුට ස්ථාන මාරුවීම්

සේවා අවශ්‍යතා මත ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 20 දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 56 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.
මෙලෙස ස්ථාන මාරුවීම් ලැබූ පොලිස් නිලධාරීන් අතරට මිනුවන්ගොඩ, නාරම්මල, පූඩළුඔය, මාවරල, වැලිපැන්න, මීගහවත්ත, බොගවන්තලාව, අඹන්පොල, කිරිබත්ගොඩ, පොල්ගහවෙල, පේසාලේ, හතරලිියද්ද, කල්තොට, මනිප්පායි, පලෙයි, පොතුහැර, ලග්ගල යන පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් ද අයත්.
මීට අමතරව කොස්ලන්ද, මඩොල්සිම, වලස්මුල්ල, තෙලිකඩ, ඌවපරණගම, වැල්ලව, මීගලෑව, පිටබැද්දර, මුල්ලයාවේලි, නෙදුන්කේනි, පල්ලම, ඉලවාලි, දිඹුලපතන, මින්නේරිය, දැරණියගල, කුට්ටිගල, බෝගස්වැව, සූරියපුර යන පොලිස් ස්ථාන වල ස්ථානාධිපතිවරුන්ට ද මාරුවීම් ලබා දී තිබෙනවා.
මේ සඳහා ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය හිමි වී ඇති බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ.