Gossips

හෙරොයින් සමඟ 19ක් අම්පාර, උහනින් අල්ලයි

අම්පාර, උහන පොලිස් ස්ථානය මඟින් සිදුකළ වැටලීම් වලදී හොරොයින් මිලි ග්‍රෑම් 3916 ක් සමඟ පුද්ගලයින් 19 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම පිරිස සමඟ මෝටර් රථයක්ද සිය භාරයට ගත් බවයි උහන පොලිසිය පවසන්නේ.
උහන පොලිසියට ලද තොරතුරක් මත විශේෂ මෙහෙයුමක් දියත්කර මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට හැකිව තිබෙනවා.
හොරොයින් ගෙනවිත් බෙදාහැරීම සිදුකරන ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී හොරොයින් ග්‍රෑම් 03යි මිලිග්‍රෑම් 16ක් සොයාගෙන ඇති අතර සෙසු සැකකරුවන් 18 දෙනා සන්තකයේ හොරොයින් මිලි ග්‍රෑම් 50 බැගින් තිබියදී සොයාගැනීමට හැකිවූ බවයි පොලිසිය පවසන්නේ.