Gossips

නිදහස් සන්ධානය අයවැයට එරෙහි වෙයි

අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර තිබෙනවා.
ඒ, අද උදෑසන පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම් විශේෂ හමුවකදියි.
අදාළ හමුව පැවැත්වුණේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.
මේ අතර, අද පැවැත්වෙන අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබද තීරණය කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම් හමුවක් එම ඡන්ද විමසීමට පෙර පැවැත්වීමට නියමිතයි.