Gossips

අල්ලස් ගත් පොලිස් පරීක්ෂකවරයෙකුට වසර 4ක සිර දඬුවම්

රුපියල් 20,000ක අල්ලස් මුදලක් ලබා ගැනීමේ සිද්ධියකට වරදකරු වූ උප පොලිස් පරීක්ෂකවරයෙකුට වසර 04ක සිර දඬුවම් නියම කර තිබෙනවා.
කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මෙම නියෝගය නිකුත් කළේ කහවත්ත – පොලිස් මුරපොළේ හිටපු ස්ථානාධිපතිවරයෙකු වන පොලිස් පරීක්ෂකවරයෙකුටයි.
2011 වසරේ ජුනි 01 වනදා නීතිවිරෝධී මත්පැන් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට නඩු නොපැවරීම සඳහා ඔහු මෙම අල්ලස ලබාගෙන ඇති බව සඳහන්.
එසේම එම පොලිස් නිලධාරියාට රුපියල් දස දහසක දඩයක් සහ අල්ලස් මුදල දණ්ඩනයක් ලෙස අය කර ගැනීමට ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා.