Gossips

කැවුමාගේ නිවසින් කෝටි 180ක හෙරොයින් ඇල්ලූ පොලිස් නිලධාරීන්ට ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු ප්‍රතිචාරය

මොරටුව – රාවතාවත්ත ප්‍රදේශයේ නිවසක තිබී කෝටි 180කට අධික හෙරොයින් කිලෝග්‍රෑම් 177ක් ඊයේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් (11) සොයාගනු ලැබුවා.
හෙරොයින් තොගයට අමතරව ටී – 56 ගිනි අවි සඳහා යොදන උණ්ඩ 2803, බෝර 12 පතොරොම් 234ක්, ස්වයංක්‍රීය ගිනි අවියක් සහ තවත් ආයුධ කිහිපයක් සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සදහන් කළේ.
මෙම හෙරොයි තොගය සහ ආයුධ තොගය සොයාගනු ලැබුවේ රුපියල් කෝටි 500යේ දියමන්තිය සමඟ අත්අඩංගුවට ගත් කැලුම් ඉන්දික හෙවත් 'කැවුමා' රැදී සිටි බව කියන නිවසේ තිබියදීයි.
මේ අතර සොයාගත් හෙරොයින් තොගය සහ ආයුධ තොගය ආරක්ෂක අංශ විසින් රැගෙන යන අවස්ථාවේ හෙරොයින් සහ ආයුධ සොයාගත් නිවස අසලට රැස්ව සිටි අවට ප්‍රදේශවාසීන් විසින් අත්පුඩි ගසමින් ආරක්ෂක අංශ වෙත සිය ප්‍රසාදය පළකරන අයුරු දක්නට ලැබුණා.