Gossips

පොල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

වෙල්ලාවලි – රානමඩු – මන්ඩූර් ප්‍රදේශයේදී පොල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
ඊයේ (11) සිදුකර ඇති මෙම පහරදීමෙන් මියගොස් ඇත්තේ 65 හැවිරිදි පුද්ගලයෙකු වන අතර කුඹුරක් සම්බන්ධයෙන් වූ ආරවුලක් දුරදිගයාමෙන් මෙම ඝාතනය සිදුව ඇතැයි මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වෙල්ලාවලි ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.