Gossips

මාරවිල නගරයේදී පහරදීමකින් මන්ත්‍රීවරයෙකු රෝහලේ

පොලිස් නිලධාරියෙකු විසින් සිදුකළ පහරදීමක් හේතුවෙන් නාත්තණ්ඩිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු මාරවිල මූලික රෝහලට ඇතුළත් වී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ ඊයේ පස්වරුවේ මන්ත්‍රීවරයා සහ අදාළ පොලිස් නිලධාරියා අතර මාරවිල නගරයේදී වාහන ගාල් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හට ගෙන ඇති ආරවුලකින් අනතුරුව මෙම ගැටුම සිදුව ඇති බවයි.
එම පොලිස් නිලධාරියා මාරවිල පොලීසියට අනුයුක්තව සේවය කරන කොස්තාපල්වරයෙකු වන අතර පහරකෑමට ලක්ව ඇති මන්ත්‍රීවරයාගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.