Gossips

සන්නද්ධ කණ්ඩායම් මැඩලීමට පාකිස්තානයෙන් ඇමරිකාවට සහතිකයක්

කාශ්මීරයේ ඉන්දීය පාලනයට එරෙහිව ප්‍රහාර එල්ල කරන සන්නද්ධ කණ්ඩායම් මැඬලීම සඳහා පාකිස්තානය සහතික වූ බව ඇමරිකානු ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් පවසනවා.
පාකිස්තාන විදේශ ඇමති ෂා මෙහමුද් කුරේෂි සමඟ දුරකථන සංවාදයකින් අනතුරුව ඔහු මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කළා.
සියළුම ත්‍රස්තවාදීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමටත් ඉන්දියාව සමඟ පවතින උණුසුම් වාතාවරණය සමනය කිරීම සඳහා පියවර ගැනීමටත් ඉන්දීය විදේශ ඇමතිවරයා මෙහිදී පොරොන්දු වී තිබෙනවා.
ඉන්දු – කාශ්මීරයේ ආරක්ෂක අංශ වෙත එල්ල වන ප්‍රහාර සම්බන්ධයෙන් ඉන්දියාව ඍජුවම චෝදනා නගන්නේ පාකිස්තානටයි.