Gossips

රාවතාවත්තේ නිවසකින් ඇල්ලූ හෙරොයින් තොගයේ බර කිලෝ 177කට වැඩි බව අනාවරණය වෙයි

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (11) අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් තොගයේ බර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ඊයේ (11) රාත්‍රියේ පරික්ෂා කර තිබෙනවා.
ඒ අනුව එම හෙරොයින් තොගයේ බර කිලෝ ග්‍රෑම් 177 ග්‍රෑම් 464ක් බවයි පොලිසිය පවසන්නේ.
මීට අමතරව හෙරොයින් තොගය සොයාගත් මොරටුව, රාවතාවත්ත ප්‍රදේශයේ නිවසේ තිබී පාතාල නායක මාකඳුරේ මධූෂ්ගේ පියාගේ අවමංගල්‍ය දර්ශන ඇතුළත් සී.ඩී. පටයක්ද හමුවී තිබෙනවා.