Gossips

සැහැල්ලූ දුම්රිය පද්ධතියට ජපානයෙන් බිලියන 48ක්

මාළඹේ සහ කොළඹ කොටුව අතර සැහැල්ලූ දුම්රිය පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා ජපාන රජය රුපියල් බිලියන 48ක මූල්‍යාධාරයක් ලබාදී තිබෙනවා.
ඒ සඳහා වූ ගිවිසුමට ලක් රජය සහ ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ නියෝජිතයන් ඊයේ අත්සන් තැබුවා. නාගරික ජනතාවට කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් සැලසීම මෙම සැහැල්ලූ දුම්රිය පද්ධතිය ඉදිකිරීමේ අරමුණයි.
මාළඹේ සහ කොළඹ අතර කිලෝමීටර් 16ක් දිගැති මෙම සැහැල්ලූ විදුලි දුම්රිය රාජගිරිය, ජාතික රෝහල ඇතුළු නැවතුම්පොළ 16ක නතර කෙරෙනු ඇති.
මාළඹේ සිට කොළඹ කොටුව දක්වා සම්පූර්ණ දුර සැහැල්ලූ දුම්රිය මගින් විනාඩි 30ට අඩු කාලයකින් අවසන් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.