Gossips

උසස් පෙළ සිසුන්ට දුන් ටැබ් පරිඝණක ගැන පැමිණිල්ලක්

2015 – 2018 වර්ෂවලදී රාජ්‍ය ආයතනවල සිදුවූ දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසමේ පැමිණිලි ලබා ගැනීමේ කාලසීමාව යළි දීර්ඝ කර තිබෙනවා.
පැමිණිලි භාර ගැනීමේ කාලසීමාව මේ මස 14 වන දායින් අවසන් වීමට නියමිතව තිබූ අතර, එය 19 වන දා දක්වා දීර්ඝ කිරීමටයි එම කොමිසමේ සභාපති විනිසුරු උපාලි අබේරත්න තීරණය කර ඇත්තේ.
මේ අතර, ඊයේ රැස්වූ කොමිසමට තවත් පැමිණිලි 3ක් එහි පොලිස් විශේෂ විමර්ශන ඒකකයට භාරදීමට තීරණය කර තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශය උසස් පෙළ සිසුන් සඳහා 2017 වසරේ ටැබ් පරිඝණක ලබාදීමේ ටෙන්ඩර් කැදවීමේදී මහා පරිමාණ වංචාවක් සිදුව ඇති බවට වන පැමිණිල්ලක් ඊට ඇතුළත්.
එමෙන්ම ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ 2017 වසරේදී වර්තමාන සභාපතිවරයාගේ පාලනය යටතේ පවතින විට එම සම්මේලනයට අයත් පොදු අරමුදල් වලින් රුපියල් මිලියන 28ක පමණ මුදලක් කූඨ ලේඛන මගින් වංචා කිරීම යන පැමිණිල්ල ද මෙහිදී විමර්ශනය කෙරෙනු ඇති.