Gossips

ජේ.වී.පී. සහ ටී.එන්.ඒ නව එකඟතාවක

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානය ද සහය පළ කරන බව අද පැවති සාකච්ඡාවේදී අවධාරණය වූයේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.
ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය අතර අද පස්වරුවේ සාකච්ඡාවක් සිදුකෙරුණේ යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්.
ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්තේ පිහිටි පක්ෂ කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාවට දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් එහි නායක, ආර්. සම්බන්ධන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්දිරන්, මාවෙයි සේනාධිරාජා, සෙල්වම් අඩෙක්කලනාදන් සහ ධර්මලිංගම් සිද්ධාර්ථන් ද එක්ව සිටියා.
ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් එහි නායක අනුර කුමාර දිසානායක, ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මෙම සාකච්ඡාවට එක්වුණා.
දෙපාර්ශවය අතර සාකච්ඡාවේදී රට යහපත් මඟක ගමන් කරලීම සඳහා එක්ව කටයුතු කිරීමට ද එකඟ වී තිබෙනවා.