Gossips

ආසියාවෙන් වාර්තාගත ‘අයිස්’ සොයා ගැනේ

පසුගිය වසරේදී නැගෙනහිර සහ අග්නිදිග ආසියාතික කලාපයෙන් වාර්තාගත මෙතෆෙටමයින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇති බව මත්ද්‍රව්‍ය අපරාධ පිළිබඳ ජගත් සංවිධාන කාර්යාලය ප්‍රකාශ කළා.
එලෙස 2018 වසරේදී ආසියාතික කලාපයෙන් සොයා ගත් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය ටොන් 116ක් වන අතර, එය 2013 වසරට සාපේක්ෂව තුන් ගුණයක වැඩිවීමක්.
තායිලන්තයෙන් පමණක් එලෙස මෙතෆෙටමයින් මත්පෙති මිලියන 515ක් සොයාගෙන ඇති අතර, එය දශකයකට පෙර සොයා ගත් ප්‍රමාණයට වඩා 17 ගුණයක ඉහළ යාමක් බව සඳහන්.