උතුරුමැද සහ වයඹ පළාත්වලටත් මන්නාරම, වවුනියාව සහ ගම්පහ දිස්ත්‍රික්කවල බොහෝ ස්ථානවලටත් හෙට දිනයේ වැඩි අවධානයක් යොමු කළ යුතු උණුසුම් කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මෙම තත්ත්වය හේතුවෙන් විජලනය සහ ලවණ ඉවත්වීමෙන් මස්පිඩු පෙරළීම, අධික මහන්සිය මෙන්ම ආඝාත තත්ත්වයන්ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.
එම නිසා ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත්, සෙවණ ඇති ස්ථානවල රැඳී සිටින ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.