Gossips

ජවිපෙ සහ දෙමළ සන්ධානය අතර, සාකච්ඡා ඇරඹේ

ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය අතර සාකච්ඡා මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
ඒ ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්තේ පිහිටි පක්ෂ මූලස්ථානයේදීයි.
දෙපාර්ශවය අතර, යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අදහස් හුවමාරු වනු ඇති.
අද පැවැත්වෙන සාකච්ඡාව සඳහා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් එහි නායක අනුර කුමාර දිසානායක, ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳූන්නෙත්ති එක්ව සිටිනවා.
එමෙන්ම, දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් එහි නායක ආර්.සම්බන්ධන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්දිරන් සහ මාවෙයි සේනාධිරාජා ද එක්ව සිටින බවයි එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.