Gossips

කුවේට් සිට විවිධ වදහිංසාවට ලක්වූවන් 28 දෙනෙකු දිවයිනට

කුවේට් රාජ්‍යයේ ගෘහ සේවයට ගොස් විවිධ වද හිංසාවන්ට ලක්වූ 28 දෙනෙකු අද යළි දිවයිනට පැමිණ තිබෙනවා.
මෙලෙස පැමිණ ඇති පිරිසෙන් 26 දෙනෙකුම කාන්තාවන් බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
මොවුන් යූ එල් 230 දරණ ගුවන් යානයෙන් අද (11) පෙරවරුවේ දිවයිනට පැමිණ තිබෙනවා.
පසුව එම පිරිස කටුනායක ගුවන් තොටුපල පරිශ්‍රයේ පිහිටි සහන පියසට යොමු කර ඇති බවද සඳහන්.