Breaking Gossips Politics Sri Lanka

“හදවතේ ජනපති මහින්ද” මාෆියාව – මහින්ද විකුණා සල්ලි ගැරූ හදවතේ හොරු

මහින්ද රාජපක්ෂ නම් ඒකාධිපතියාව රටේ මිනිසු විසින් පරාජය කර ගෙදර යැව්වේ, මීට වසර තුනකටත් ඉහතදීය. නමුත් සමහර බලවේග නැවතත් ඔහු වෙතට සමීප වී ඔසවා තැබූවේ ඔහුගේ ජනප්‍රියත්වය විකුණා කීයක් හෝ කඩා වඩා ගැනීමට බව අපි මීට වසර ගණනකට කලින් කීවෙමු. අද එය සැබෑ වී තිබේ. මහින්ද රාජපක්ෂ නම විකුණා විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් මිලියන ගණන් ගැරූ, අමුතුම කොල්ල කල්ලියක් ගැන අප ඔබ වෙත අවධාරණය කරමු.

මෙම කණ්ඩායම “හදවතේ ජනපති මහින්ද” නමින් පසුගිය කාලයේ පෙනී සිටිය බව වාර්තා වේ. ඉසුර හෙට්ටිආරච්චි හෙවත් හම්බන්තොට දෙසා නමැත්තා මෙම මංකොල්ල කල්ලියේ නායකත්වය දරයි. මීට වසර දෙක හමාරකට පමණ පෙර මහින්ද නැවත නැගිටවීමේ ක්‍රියාවලියට පණ දෙනවායැයි පෙන්නුම් කර, කාගෙන් හෝ කීයක් කඩා ගැනීම ඔවුන්ගේ පුරුද්ද වී තිබේ.

ගෝල්ෆේස් පිටියේ පැවති මැයි රැළියේ වගේම නුගේගොඩ රැලියේ වේදිකා අලංකරණය භාරගෙන කටයුතු කරපු මෙම කණ්ඩායම, පක්ෂයෙනුයි විදෙස්ගත ලාංකිකයන්ගෙනුයි දෙපැත්තකින් ඒ සඳහා මුදල් එකතු කර ඇත. මේ වංචාව රුපියල් මිලියන දෙකකට වඩා වැඩි බව අභ්‍යන්තර ආරංචි සඳහන් කරයි. ඒ වගේම පොහොට්ටු පක්ෂය වෙනුවෙන් ශ්‍රව්‍ය දෘශ්‍ය මැදිරියක් ඉදිකිරීම වෙනුවෙන් විදෙස්ගත ලාංකිකයෙකුගෙන් රුපියල් මිලියන පහකට වඩා ගෙන්වාගෙන ඇති බවට සාක්ෂි අප සතුව ඇත. ඉසුර හෙට්ටිආරච්චි හෙවත් “හම්බන්තොට දෙසා” නමැත්තා මේ වනවිට නිවෙස් දෙකක හිමි කරුවෙක් බවත් අප වෙත සාක්ෂි සහිතව තහවුරු වී ඇත.

කෙසේ වුවත් කෙටි කාලයක් තුල ලක්ෂ ගණනක් තමන්ගේ ගිණුමට ගෙන්වාගත් අයුරු පමණක් අප අද සාක්ෂි සහිතව හෙලි කරමු. අද සිට මාස තුනක් තුල ඔවුන් ලබාගත් ආධාර මුදල් හා කල වියදම් පිලිබඳ සම්පූර්ණ වාර්තා ප්‍රසිද්ධ නොකලහොත්, අනෙකුත් සියලු දේවල් හෙළි කරන බවද දන්වා සිටිමු.

හදවතේ මහ හොරා මහින්ද රාජපක්ෂ සමග

හදවතේ හොරු කණ්ඩායම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ගෙන්වාගෙන ඒ මුදල් වලින් ආතල් ගන්නා අයුරු

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විසින් හදවතේ හොරුන් වෙත මුදල් ලබා දී  ඇතිබවට සාක්ෂි