Gossips

චීනය, බෝයිං තහනම් කරයි

චීනයේ අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා භාවිතයට ගන්නා සියලුම බෝයිං 737 මැක්ස් 8 වර්ගයේ යානා තහනමට ලක් කර තිබෙනවා.
ඒ, ඉතියෝපියාවේ දී 157 දෙනෙකුට මරු කැඳවමින් සිදුවූ ගුවන් යානා අනතුරත් සමඟයි.
ඉතියෝපියාවේ අඩිස් අබාබා නුවරින් ඊයේ ගුවන් ගතවී මිනිත්තු කිහිපයක් ඇතුළත මෙලෙස කඩා වැටී ඇත්තේ බෝයිං 737 මැක්ස් වර්ගයේ ගුවන් යානාවක්.
චීනය තුල අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා බෝයිං 737 මැක්ස් 8 වර්ගයේ යානා 90 කට වැඩි සංඛ්‍යාවක් භාවිත කරනවා.
ඉතියෝපියානු අනතුරත් සමග මාස පහක් තුළ බෝයිං යානාවක් අනතුරට ලක්වූ දෙවන අවස්ථාව මෙය වන අතර එම සිද්ධියත් සමඟ අදාල සමාගමේ ගුවන් තාක්ෂණය සම්බන්ධයෙන් මේ වනවිට ගැටළුකාරී තත්ත්වයක් උද්ගතව තිබෙනවා.