Gossips

නවගමුවේදී වෙඩි වැදී මියගිය පුද්ගලයා ඝාතන සිද්ධියකට සම්බන්ධ බව හෙළිවේ

නවගමුව – ගොඩැල්ලවත්ත ප්‍රදේශයේ රබර් ඉඩමක තිබී වෙඩි වැදීමෙන් මියගිය පුද්ගලයා සපුගස්කන්ද – ගල්වල මංසන්ධියේදී සිදුවූ ඝාතන සිද්ධියකට සම්බන්ධ පුද්ගලයෙකු බවට අනාවරණ වී තිබෙනවා.
චමිල ප්‍රසාද් කරුණාරත්න නැමති මෙම පුද්ගලයාගේ සිරුර අද පෙරවරුවේ සොයාගත් අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළේ ඔහු අවුරුදු 35 ක් පමණ වයසැති පුද්ගලයෙකු බවයි.
ප්‍රදේශවාසියෙකු සිදුකළ දැනුම්දීමකට අනුව මෙම සිරුර සොයාගෙන ඇති අතර, ඒ අසළ තිබී ටී 56 ගිනි අවි සඳහා භාවිත කරන උණ්ඩවල කොපු කිහිපයක්ද හමුවී තිබෙනවා.