තලවකැලේ සෙන්ට්ක්ලෙයාර් දිය ඇල්ල ආශ්රිත රක්ෂිතයේ හටගත් ගින්න මේ වනවිට පාලනය කර තිබෙනවා.
ඊයේ දහවල් හටගත් ගින්නෙන් අක්කර 100 ක පමණ ප්‍රදේශයක් විනාශ වී ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
මධ්‍යම කඳුකරයේ මේ දිනවල පවතින දැඩි වියලි කාලගුණය සමඟ කිසියම් පිරිසක් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවට සැක පළ කරනවා.
ප්‍රදේශවාසීන් සහ තලවකැලේ – ලිදුල නගර සභාවේ සේවකයින් පොලීසිය සමඟ එක්ව මෙම ගින්න මැඩපවත්වා ඇති බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු කියා සිටියේ.
එමෙන්ම කොටගල රොසිටා ගොවිපලේ තෘණ බිමකද ගින්නක් හටගෙන ඇති අතර, ඉන් අක්කර 10 ක භූමි ප්‍රදේශයක් විනාශ වී තිබුණා.