Gossips

අද වැසි රහිත කාලගුණයක්

අද දිනය තුල දිවයින පුරා වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේ වෙතත්, නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී සිහින් වැසි ඇති වීමටත්, රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2න් පමණ පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වීමටත් සුළු හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.