Gossips

ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමට වර්ෂාව හරස් වෙයි – දකුණු අප්‍රිකානුවන්ට විශිෂ්ඨ ජයක්

ශ්‍රී ලංකාව සමඟ පැවති තුන්වන එක්දින තරඟ ජය ගන්නට දකුණු අප්‍රිකානු කණ්ඩායම අද සමත් වුණා.
ඩක්වත් ලුවිස් න්‍යායට අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙම තරඟය ජය ගත්තේ ලකුණු 71කින්.
ඩර්බන් හිදී පැවති තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට පන්දුවට පහරදීමේ අවස්ථාව ලබාදුන් අතර, ඒ අනුව ඔවුන් නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 05 ක් දැවී ලකුණු 331 ක් ලබා ගත්තා.
ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමේ 16 වන පන්දුවාර දී තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වන විට ශ්‍රීලංකා පිළ කඩුලු 02ක් දැවී ලකුණු 75ක් රැස්කරගෙන සිටියා.
වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරඟය පැය කිහිපයකට නවතා දමන්නට විනිසුරුවන්ට සිදු වුණා.
වර්ෂාවෙන් අනතුරුව තරඟය නැවත ආරම්භ කෙරුණු අතර ඩක්වත් ලුවිස් න්‍යායට අනුව තරඟය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පිළට පන්දුවාර 24ක් තුල ලකුණු 193ක ඉලක්කයක් හිමි වුණා.
කෙසේ වෙතත් නියමිත පන්දුවාර 24 අවසානයේදී කඩුලු 05ක් දැවී ශ්‍රී ලංකා පිළට රැස්කර ගත හැකි වුයේ ලකුණු 121ක් පමණයි.
ඒ අනුව දකුණු අප්‍රිකානු පිළට ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 71ක් ජයක් හිමි වූ අතර තරඟ 05කින් සමන්විත එක්දින තරඟාවලිය තවත් තරඟ 02ක් ඉතිරිව තිබියදී ජය ගන්නට දකුණු අප්‍රිකානුවන් සමත් වුණා.