Gossips

චමින්ද විජේසිරිට ජේ.සී. අලවතුවලගෙන් පිළිතුරු

එක්සත් ජාතික පක්ෂයේ රහස් ජනාධිපතිවරයාට ලබාදී රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලබාගත් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි තමන්ට එල්ල කරන චෝදනාව සම්බන්ධයෙන් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සාකච්ඡා කරන බව රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ජනාධිපතිවරයාට එක්සත් ජාතික පක්ෂයේ රහස් ලබාදුන් බවට ඊයේ (09) චෝදනා කරනු ලැබුවේ කොළඹ දීයි.
මේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ පසුපෙළ මන්ත්‍රීවරයෙකු වන චමින්ද විජේසිරි සිදුකළ එම ප්‍රකාශය සම්බන්ධයෙන් තැකීමක් නොකරන බවයි.
කෙසේ වෙතත්, ආරක්ෂක අමාත්‍යාංශය හැර ජනාධිපතිවරයා නියෝජනය කරන අනෙකුත් අමාත්‍යාංශයවල වැය ශීර්ෂ පරාජයට පත් කිරීමට කටයුතු කරන බවට එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් ගත් තීරණයෙහි කිසිදු වෙනසක් නොමැති බවයි තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයා කියා සිටියේ.

rn