2015 වසරේ පිහිට වූ ආණ්ඩුවේ සිදුකළ කාර්යයන් වල ප්රතිඵල දැන් ලැබෙමින් පවතින බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ පවසනවා.
අග්රාමාත්යවරයා මේ බව සඳහන් කළේ කළුතර දිස්ත්රික්කයෙන් අද (10) ආරම්භ වූ සිරිකොත – ගමට වැඩසටහනට එක්වෙමින්.
පක්ෂය ප්රවර්ධනය කිරීමේ අරමුණිනුයි සිරිකොත – ගමට වැඩසටහන ආරම්භ කර ඇත්තේ.
ඒ අනුව එහි සමාරම්භක අවස්ථාව පානදුර – තොටවත්ත මංසන්ධියෙන් ආරම්භ කෙරුණේ අග්රාමාත්යවරයාගේ ප්රධානත්වයෙන්.
මේ අතර, සිරිකොත – ගමට වැඩසටහනට වෙනුවෙන් මොරගහහේන – වීදියගොඩ මංසන්ධියේ ඉදිකරන ලද සැරසිලි ඉවත් කළ බවට චෝදනා කරමින් හොරණ ප්රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්රිනී රේනුකා දමයන්ති විරෝධය පළ කළා.
සිද්ධිය පිළිබදව හොරණ ප්රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ හිටපු ප්රාදේශීය සභා මන්ත්රී රෝහණ පීරිස් ද අදහස් දක්වමින් කියා සිටියේ පක්ෂය වෙනුවෙන් තමන් ඕනෑම අවස්ථාවක පෙනී සිටින බවයි.
rn