Gossips

නිදහස් පක්ෂ ලේකම්ට රංජිත් සොයිසාගෙන් පිළිතුරු

වර්තමානයේ රට තුළ ඇති වඩාත් සංවිධානාත්මක සහ ශක්තිමත්ම දේශපාලන පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බැවින් ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා එම පෙරමුණෙන් බිහි විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා පවසනවා.
මේ අතර, ඊයේ සහ අද පැවති ජන හමු කිහිපයකටම එක්වෙමින් නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා පොදුජන පෙරමුණ සහ නිදහස් පක්ෂය එක්ව සන්ධාන ගත විය යුතු බවයි.
එමෙන්ම එම සන්ධානයෙන් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා නිදහස් පක්ෂයෙන් බිහි විය යුතු බවයි ඔහු කියා සිටියේ.
ඇඹිලිපිටිය ප්‍රදේශයේ අද පැවති මාධ්‍ය හමුවකදී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසාගෙන් ප්‍රශ්න කර සිටියා.
එහිදී ඔහු කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විවිධ අවස්ථාවලදී පක්ෂ මාරු කරමින් කටයුතු කර ඇති බවයි.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට පක්ෂ සංවිධානය ශක්තිමත්ව සිදුකිරීමේ හැකියාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මගින් පෙන්නුම් කර ඇති බව ද මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කළා.

rn