Gossips

දකුණු අප්‍රිකාවෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත ඉලක්කයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර 03 වන එක්දින තරඟයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුල කඩුලු 05ක් දැවී ලකුණු 331ක් රැස් කළා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා හිමිව ඇති ඉලක්කය 332ක්.
එහිදී දකුණු අප්‍රිකානු පිල වෙනුවෙන් කුවින්ටන් ඩි කොක් ලකුණු 121ක් රැස් කළ අතර රසී වෑන් ඩර් ඩුසෙන් අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා.
දකුණු අප්‍රිකානු ඉනිමේ අවසන් පන්දුවාර කිහිපය තුල ක්‍රියාත්මක වූ ඩේවිඩ් මිලර් නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 41ක්.
පන්දු යැවීමේදී ඉසුරු උදාන කඩුලු 02ක් බිඳ දැමූ අතර ලසිත් මාලිංග,කමිදු මෙන්ඩිස් සහ කසුන් රාජිත් අතර එක කඩුල්ල බැගින් බෙදී ගියා.
තරඟය පැවැත්වෙන්නේ ඩර්බන්හිදීයි.