Gossips

පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් මැරූ දෙදෙනෙකු අල්ලයි

උතුරු මුහුදු ප්‍රදේශයේ වලෙයිපාඩු හිදී පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් මරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් සන්තකයේ තිබී එලෙස ඇල්ලු මත්ස්‍ය කිලෝ 1233ක් ද සිය භාරයට ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.
මෙම මත්ස්‍ය තොගය රැගෙන යාමට සූදානම් කර තිබූ කැබ් රථය ද ඊයේ නාවික හමුදාව සොයා ගනු ලැබුවා.