Gossips

බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට

උතුර මුහුදු ප්‍රදේශයේ අනලතිව් දූපතට වයඹ දෙසින් අතහැර දමා ගොස් තිබූ බීඩිකොළ කිලෝග්‍රෑම් 312කට අධික ප්‍රමාණයක් නාවික හමුදාව සොයාගෙන තිබෙනවා.
මෙම බීඩිකොළ, පාර්සල් 6ක් ලෙස සකස් කර තිබූ අතර, මේවා ඉන්දියාවේ සිට රැගෙන එන්නට ඇති බවටයි සැක පළ කරන්නේ.
ඊයේ සොයාගත් මෙම බීඩි කොළ තොගය ඉදිරි පරීක්ෂණ සඳහා යාපනය – රේගු කාර්යාලය වෙත භාර දී තිබුණා.
වසරේ මේ දක්වා කාලය තුළ නීතිවිරෝධී අන්දමින් දිවයිනට රැගෙන ඒමට උත්සාහ කළ බීඩිකොළ කිලෝග්‍රෑම් 1906ක් නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා.