Gossips

ඉරණවිල දරුවා ඝාතනය ගැන තොරතුරු රැසක් එළියට

ඉරණවිල සමිඳුගම ප්‍රදේශයේදී අතුරුදන්ව සිටියදී සිරුර හමුවු කුඩා දරුවා ඝාතනයට පෙර ලිංගික අපයෝජනයක් සිදුව ඇතැයි පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී තිබෙනවා.
දරුවාගේ හිසට සිදුවු බරපතල හානි හේතුවෙන් මරණය සිදුව ඇති බවටයි හෙළිවී ඇත්තේ.
හලාවත මහ රෝහලේ විශේෂ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් අද දහවල් දරුවාගේ මරණ පරීක්ෂණය සිදුකර තිබෙනවා.
මේ අතර සමිඳුගම අක්කර 40 ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම කුඩා දරුවා ඝාතනය කළ සැකකරු මීට පෙර ද කුඩා දරුවෙකු ඝාතනය කර ඇතැයි තොරතුරු අනාවරණ වී තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ පොලිසිය ලබාදුන් තොරතුරුවලට අනුව 2003 වසරේදී හලාවතදී එම ඝාතනය සිදුව ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
පසුගිය 25 වනදා නිවසින් අතුරුදන්ව සිටි සමිඳුගම ප්‍රදේශයේ 10 හැවිරිදි දරුවාගේ සිරුර ඊයේ පෙරවරුවේ කැලෑබද ප්‍රදේශයක තිබී පොලිසියට හමුවුනා.
පසුගිය 25 වනදා පවුලේ සාමාජිකයන් දේව මෙහෙයකට සඳහා ගොස් ඇති අතර එහිදී මෙම දරුවා පමණක් නිවසේ ඉතිරිවී තිබෙනවා.
අනතුරුව ඔහු නිවෙස ආසන්නයේ ඇති වෙළඳසැලකට ගොස් ඇතැයි හෙළිවුනා.
එහිදී මෙම ඝාතකයා හමුවී ඇතැයි විමර්ශණවලදී අනාවරණ වී ඇති අතර වෙළඳසැලේ තිබු කැමරා පද්ධතියට අනුවයි කරුණු හෙළිවී ඇත්තේ.
ඝාතනයට ලක්වු දරුවා සමග තවත් දරුවෙක් සිට ඇති සැකකරු ගිරා පැටවුන් අල්ලා දෙන බවට පවසා වනයට යෑමට ඇරයුම් කර තිබෙනවා.
අනෙක් දරුවා ඊට අකමැති වී ඇත්තේ ඝාතකයා සතුව තියුණු ආයුධයක් තිබීම බව සඳහන්.
පසුව සැකකරු සමග කුඩා දරුවා වනය දෙනට ගමන් කරන ආකාරය කිහිප දෙදෙනෙකුම දැක ඇතත් ඔවුන් ඒ සම්බන්ධයෙන් අවධානයක් යොමුකර නැත්තේ විවිධ පිරිස් දර කැඩීමට කැලෑවට යාම හේතුවෙන්.
දේව මෙහෙයට සහභාගී වී නිවසට පැමිණි දෙමව්පියන් දරුවා නොමැතිවීම පිළිබඳ පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
ප්‍රදේශවාසීන් විසින් 26 වැනිදා දිනය පුරා සමිඳුගම අවට ප්‍රදේශයේ සොයා බැලුව ද දරුවා හමු නොවු අතර ඊයේ (27) පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව කළ මෙහෙයුමකදීයි දරුවාගේ සිරුර සොයා ගැනුනේ.
දරුවාගේ ඝාතකයා ඉරණවිල ප්‍රදේශයට පොල් කැඩීම සඳහා පැමිණෙන අයෙක් වන අතර ඔහු මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිවුවෙක් බවට ද හෙළිවී ඇතැයි සඳහන්.