Gossips

ජවිපෙන් විධායකය ගැන ප්‍රකාශයක්

විධායක ජනාධිපති ක්‍රමය හරහා රට අස්ථාව වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ අකුරැස්ස ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින්.
මේ අතර අනුරාධපුර ප්‍රදේශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ ඊට පොදුජන පෙරමුණේ සහයෝගය ලබා නොදෙන බවයි.