Gossips

තවමත් ජනප්‍රිය ටෙස්ට් ක්‍රිකට් බව සමීක්ෂණයකින් හෙළිවේ

ලොව පුරා ක්‍රිකට් ලෝලීන්ගෙන් සියයට 86 ක් තවමත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව නැරඹීමට වැඩි ප්‍රියතාවක් දක්වන බව එංගලන්තයේ එම්.සී.සී. ක්‍රීඩා සමාජය පැවැත්වූ සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.
සමීක්ෂණය සඳහා ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් 13,000 ක් යොදාගෙන ඇති බව සඳහන්.
එම සමීක්ෂණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම්.සී.සී. ලෝක ක්‍රිකට් කමිටුවේ සාමාජිකයෙකු වන කුමාර් සංගක්කාර සඳහන් කළේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව අභාවයට නොයන බව මෙම සමීක්ෂණයෙන් තහවුරු වන බවයි.
ඕස්ට්‍රේලියාවේදී ඉන්දියාව දැක්වූ දස්කම්, කොදෙව්වන් එංගලන්තයට එරෙහිව දැක්වූ දස්කම් මෙන්ම දකුණු අප්‍රිකාවේදී ශ්‍රී ලංකා පිල දැක්වූ ප්‍රාතිහාර්යය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවය පෙන්නුම් කරන බව කුමාර් සංගක්කාර සඳහන් කළා.