Gossips

බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමකින් බීමත් රියදුරන් 305 දෙනෙකු අත්අඩංගුවට

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අද අලූයම දක්වා බස්නාහිර පළාත ආවරණය වන පරිදි සිදුකළ විශේෂ රථවාහන මෙහෙයුමකින් බීමත් රියදුරන් 305 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස්පතිවරයාගේ විශේෂ නියෝගයකට අනුව මෙම මෙහෙයුම සිදුකර ඇත්තේ සති අන්ත දිනවල මධ්‍යම රාත්‍රියේ සහ අලූයම් කාලයේදී සමාජශාලා මෙන්ම අවන්හල්වලදී මත්පැන් පානය කර රිය ධාවනය කරන සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවට ලද තොරතුරුවලට අනුවයි.
එමෙන්ම පෙරේදා දිනයේද බස්නාහිර පළාත තුළ සිදුකළ මෙවැනි මෙහෙයුමකදී බීමත් රියදුරන් 222 ක් අත්අඩංගුවට ගැනුනු අතර, පසුගිය දින දෙක තුළ බීමත් රියදුරන් 527 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ට එරෙහිව නඩු පැවරීමට සහ ඔවුන්ගේ රියදුරු බලපත්‍ර තාවකාලිකව අත්හිටුවීමට නියෝග ලබාගැනීමට බලාපොරොත්තු වන බවද එම කාර්යාලය වැඩිදුරටත් ප්‍රකාශ කළා.