Gossips

මෙක්සිකෝවේ රාත්‍රි සමාජශාලාවක වෙඩි තැබීමකින් 15 දෙනෙකු මරුට

මධ්‍යම මෙක්සිකෝවේ ගුවනහුවාටෝ ප්‍රාන්තයේ සලමන්කා නගරයේ රාත්‍රි සමාජශාලාවකට ඊයේ රාත්‍රියේ එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් එහි සිටි 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කාන්තාවක ඇතුලූ තවත් හතරදෙනෙකු එහිදී තුවාල ලැබූ බවයි විදෙස් වාර්තා සඳහන්කළේ.
සමාජශාලාවට හදිසියේ කඩාවැදුණු සන්නද්ධ පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර ඔවුන් අපරාධ කල්ලියක සාමාජිකයන් විය හැකි බව සඳහන්.
මෙම සමාජශාලාව පිහිටා ඇත්තේ මෙක්සිකෝ රාජ්‍ය තෙල් සමාගමේ ප්‍රධාන සැපයුම් නළය පිහිටා ප්‍රදේශයකයි.
එහි ඉන්ධන සොරාගැනීම් බහුලව සිදුවන අතර, පසුගිය වසර කිහිපය තුළ ඩොලර් බිලියන 3 ක පමණ පාඩුවක් ඉන්ධන සොරුන් විසින් සිදුකර ඇති බවයි ඇස්තමේන්තු කර ඇත්තේ.