Gossips

මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් තොගයක් අත්අඩංගුවට

මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් තොගයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පෞද්ගලික ගබඩාවක සගවා තිබියදී සොයාගෙන තිබෙනවා.
ඒ දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය මගින් සිදු කළ වැටලීමකදීයි.
දඹුල්ල මහ නගර සභාවේ මන්ත්‍රීවරයෙකුට ලැබුනු තොරතුරකට අනුව ඔහු නගර සභාවේ සෞඛ්‍ය අංශ දැනුවත් කර තිබෙනවා.
ඒ අනුවයි ඊයේ පස්වරුවේ වැටලීම සිදුකර ඇත්තේ.
එම ස්ථානයේ තිබී මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් කිලෝ 5000ක් සොයාගෙන තිබෙනවා.
වැටලීම සිදුකරන අවස්ථාව වන විටත් වෙළඳපොලට යැවීම සඳහා අර්තාපල් සකස් කරමින් තිබු බව සඳහන්.
අත්අඩංගුවට පත් අර්තාපල් තොගය විනාශ කිරීමට පියවර ගෙන තිබෙනවා.